Press "Enter" to skip to content

මුහුණු ආවරණ වැඩිවේලා පැළඳීමෙන් ඔක්සිජන් ඌනතාව ඇතිවේද?

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ජනතාවට මුහුණු ආවරණ පැළඳීම බොහෝ රජයන් විසින් අනිවාර්ය කර තිබෙන අවස්ථාවක මුහුණු ආවරණ දිගුකාලීනව භාවිතා කිරීම තුළින් ඔක්සිජන් ඌනතාවයක් හටගන්නා බවට මතයක් නිර්මාණය වී තිබේ. මෙසේ ඔක්සිජන් ඌනතාවය සහ ශරීර තෙහෙට්ටුව ඇතිවීම තුළින් hypoxia තත්ත්වයට ජනතාවට මුහුණ දීමට සිදු වන බව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කිහිප දෙනෙක් ප්‍රකාශ කර තිබුණි.

පටක හරහා ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් ශරීරයට නොපැමිණීම හේතුවෙන් හයිපොක්සියා හටගනී. නැවත නැවතත් පිටවන වාතය ආශ්වාස කිරීම හේතුවෙන් කාබන් ඩයොක්සයිඩ් නිර්මාණය වේ. එබැවින් එම වාතය ආශ්වාස කිරීමෙන් කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ ද පහළ විය හැකි බව බොහෝදෙනා සමාජ මධ්‍ය ඔස්සේ පෙන්වා දී තිබුණි.

මුහුණු ආවරණ සම්බන්ධ කරගනිමින් පළවන මෙම පුවත අසත්‍යයක් බව AFWA සොයාගෙන තිබේ. මුහුණු ආවරණ භාවිතා කිරීම හයිපොක්සියා රෝගයට හේතු නොවන අතර එය මොළයට හෝ හෘදයේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන්නේ නැති බවද සොයාගෙන ඇත. කෙසේවෙතත්, තද මුහුණු ආවරණ සහ ඇස් කණ්ණාඩි දිගු කාලීනව භාවිතා කිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් හට හිසරදය සහ මුහුණේ වේදනාවන් ඇති විය හැක.

නෙෆ්රොන් සායනයේ සභාපති ප්‍රවීණ වෛද්‍ය වෛද්‍ය සංජීව් බගයි සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහු තහවුරු කර ඇත්තේ ද දිගු වේලාවක් මුහුණු ආවරණ පැළඳීම තුළින් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත විය හැකි බවයි. එමෙන්ම තමන් පළඳින මුහුණු ආවරණ තමන් හට අපහසුවක් නොවන අයුරින් භාවිත කල යුතු බවද ඔහු අනාවරණය කර ඇත. කෙසේ වෙතත් ස්ටැන්ෆර්ඩ් ඉංජිනේරුවන් මෑතකදී ඔක්සිජන් ඌනතාවයේ අතුරු ආබාධවලට ප්‍රතිරෝධය දැක්විය හැකි නව ආරක්ෂිත මුහුණු ආවරණයක් නිර්මාණය කර ඇත.

හයිද්‍රාබාද්හි ඇපලෝ රෝහලේ ජේෂ්ඨ ස්නායු විශේෂඥ වෛද්‍ය සුධීර් කුමාර් පවසන්නේද මෙම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. සැබැවින්ම මුහුණු ආවරණ පුද්ගලයන්ට කොරෝනා සහ වෙනත් ශ්වසන ආසාදන සම්ප්‍රේෂණය වීම අඩු කිරීමට උපකාරී වන බවත් මෙවැනි පුවත් මුහුණු ආවරණ භාවිතා කිරීම සඳහා ජනතාව අධෛර්යමත් කරවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් සියලු කරුණු අනුව පෙනී යන්නේ මුහුණු ආවරණ භාවිතා කිරීම හයිපොක්සියා රෝගයට හේතු නොවන බවත් එය මොළයට හෝ හෘදයේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලනොපාන බවත්ය. එමෙන්ම
ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ද දීර්ඝකාලීනව මුහුණු ආවරණ භාවිතා කිරීම පිළිබඳව අනතුරු අඟවා නැත. එබැවින් වෛද්‍ය නිර්දේශයන්ට අනුව මුහුණු ආවරණ දිගුකාලීන භාවිතය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ක්‍රමවේදයක් වනු ඇත. මේ හේතුවෙන් මුහුණු ආවරණ සම්බන්ධයෙන් ප්‍රචාරය වන අනවශ්‍ය පුවත් වලට නොරැවටෙන ලෙස ද වෛද්‍ය කාර්ය මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
(රිෂ්මි ඉෂාරා)

6,428 views

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

©️clearnews.lk